විමසා තීරණය කිරීම

Verses

Holy Kural #501
දම් අරුත සැප බිය - සතරෙහි තතූ පිරික්සා
නිල දරයන් ගැනුම - යෙහෙකි ඇම දැන ඇඳින විමසා.

Tamil Transliteration
Aramporul Inpam Uyirachcham Naankin
Thirandherindhu Therap Patum.

Explanations
Holy Kural #502
උසස් යැයි සම්මත - වරදින වැළකූණ වූ
නො කැලැල් ගූණවතා - සුදුස්සෙකි නිලයක් දැරුම් වස්.

Tamil Transliteration
Kutippirandhu Kutraththin Neengi Vatuppariyum
Naanutaiyaan Sutte Thelivu.

Explanations
Holy Kural #503
අනගි සිප්සත දත් - නිවැරදි මහත් නැණවත්
දොස් නැතිවිය නොහේ - විමසුවොත් ඒ උගත් වියතූන්.

Tamil Transliteration
Ariyakatru Aasatraar Kannum Theriyungaal
Inmai Aridhe Veliru.

Explanations
Holy Kural #504
ගූණ අගූණ මේ දෙක - දෙ පසින් තබා විමසා
වැඩි වන පස අනුව - සුදුසු නුසුදුසු බවට තේරේ.

Tamil Transliteration
Kunamnaatik Kutramum Naati Avatrul
Mikainaati Mikka Kolal.

Explanations
Holy Kural #505
ඔවු නොවුන් කිරියම - උරගල බවට හරවා
පහත් හෝ වැදගත් - බවට තෝරනු ලබන්නේ වේ.

Tamil Transliteration
Perumaikkum Enaich Chirumaikkum Thaththam
Karumame Kattalaik Kal.

Explanations
Holy Kural #506
නිගාවට බිය නැත - නෑයින් නොමැති ඇත්තේ
නිලදරයන් ලෙසට - තෝරනට නො වටිත් ඒ බන්දෝ.

Tamil Transliteration
Atraaraith Therudhal Ompuka Matravar
Patrilar Naanaar Pazhi.

Explanations
Holy Kural #507
නෑ හිතවත් කමට - ඉමහත් පිරුණු අදරින්
දැනුම් නැණ නැත්තන් - තේරිම ලොකූ මෝඩකම මැයි.

Tamil Transliteration
Kaadhanmai Kandhaa Arivariyaarth Therudhal
Pedhaimai Ellaan Tharum.

Explanations
Holy Kural #508
නො විමසා අග මුල - කෙනෙකූ ගැන කර තීරණ
ගත හොත් පරපුරම - නොවේ මුළු රට දුකට පත්වෙයි.

Tamil Transliteration
Theraan Piranaith Thelindhaan Vazhimurai
Theeraa Itumpai Tharum.

Explanations
Holy Kural #509
නො විමසා කිසිවිට - තෝරා නොගන් කිසිවකූ
හැකිකම් සෙවියයුතූ - සොඳින් තෝරා ගැනිමෙන් පසු.

Tamil Transliteration
Therarka Yaaraiyum Theraadhu Therndhapin
Theruka Therum Porul.

Explanations
Holy Kural #510
නො විමසා ගැනුමත් - පිළිගෙන දෙවනු සැකයත්
යන මේ ගූණ නිසා - නො වැනසෙන දුක් ගැහැට ගෙනදේ.

Tamil Transliteration
Theraan Thelivum Thelindhaankan Aiyuravum
Theeraa Itumpai Tharum.

Explanations
🡱