ප්‍රේමය ප්‍රකාශ කිරීම
Verses
පිය වදන් තෙපලන - රූමත් දසන් අතරින්
උනන දිය කිරි පැණි - මුසු කළා මෙන් මිහිරි රස වේ.
Tamil Transliteration
Paalotu Thenkalan Thatre Panimozhi
Vaaleyiru Ooriya Neer.
සිරුර පණ නල දෙක - අතරෙහි බැඳුම කෙලෙස ද?
රූමතිය සහ මා - අතර බැඳුමත් ඒ සමානයි.
Tamil Transliteration
Utampotu Uyiritai Ennamar Ranna
Matandhaiyotu Emmitai Natpu.
ම විසින් පෙම් කරන - මියුලැසට තැන නොම දෙන
බබා ෟ ඔබ ම නෙතින් - යන්න යන තැනක මෙහි ඉඩ නැත.
Tamil Transliteration
Karumaniyir Paavaainee Podhaayaam Veezhum
Thirunudharku Illai Itam.
එක්වීමත් ඇගේ - ජීවත් වීම සම වෙයි
මරණයට සම වේ - හිතැති මියුලැස කෙරෙන් වියොවත්.
Tamil Transliteration
Vaazhdhal Uyirkkannal Aayizhai Saadhal
Adharkannal Neengum Itaththu.
අමතක වුව සිතමි - අමතකය මම නො දනිමි
මියුලැස ගුණ විනා - වෙනින් අනිකක් තවත් නො සිතමි.
Tamil Transliteration
Ulluvan Manyaan Marappin Marappariyen
Ollamark Kannaal Kunam.
නෙත තුළ වෙසේවී - ඇසිපිය පවා නො හෙළමි
හෙළුවොත් පෙළේවී - ඒ තරම්මත් සියුමැලියි ඇය.
Tamil Transliteration
Kannullin Pokaar Imaippin Parukuvaraa
Nunniyarem Kaadha Lavar.
ළය දිනූ පෙම්වතා - සැඟවෙයි මගේ නෙත් තුළ
නෙත.ඳුන් නො ගෑවෙමි - ඔහුට අපහසු වෙතැයි බිය වී.
Tamil Transliteration
Kannullaar Kaadha Lavaraakak Kannum
Ezhudhem Karappaakku Arindhu.
පෙම්වතා සිත්හි - වාසය කරයි දිව රෑ
එහෙයින් උණු අහර - ඔහු දැවේය යි බියෙන් නො ගතිමි.
Tamil Transliteration
Nenjaththaar Kaadha Lavaraaka Veydhuntal
Anjudhum Vepaak Karindhu.
සැඟවෙන බව දනිමි - ඇසිපිය යුගල වැදුනොත්
එහෙයින් ආදරය - නැතැයි ගම්වාසීහු පවසත්.
Tamil Transliteration
Imaippin Karappaakku Arival Anaiththirke
Edhilar Ennum Iv Voor.
හැර දමා ගියහ යි - කීවත් ගමේ සමහරු
හැම විටම සතුටුව - බැතින් වාසය කරයි සිතෙහී.
Tamil Transliteration
Uvandhuraivar Ullaththul Endrum Ikandhuraivar
Edhilar Ennum Iv Voor.