නිෂ්ඵල වචන නො කීම

Verses

Holy Kural #191
වැඩිදෙන නුරුස්නා - පල නැති බස් දොඩන්නා
නිගා නින්දාවන් - ලබයි සැමවිට සැමදෙනාගෙන්.

Tamil Transliteration
Pallaar Muniyap Payanila Solluvaan
Ellaarum Ellap Patum.

Explanations
Holy Kural #192
මිතූරනට වරදක් - කරනුවට වැඩි නපුරකි
බොහෝදෙන අබිමුව - පලක් නැති වූ වදන් තෙපලුම.

Tamil Transliteration
Payanila Pallaarmun Sollal Nayanila
Nattaarkan Seydhalir Reedhu.

Explanations
Holy Kural #193
පල නැති කතාවන් - විසිතූරු කර කියන්නා
දහමින් තොර කෙනකූ - ලෙසට පෙන්වයි ඔහුගේම බස්.

Tamil Transliteration
Nayanilan Enpadhu Sollum Payanila
Paarith Thuraikkum Urai.

Explanations
Holy Kural #194
බොහෝවුන් අතරදි - බණන පල නැති රළු බස
දහමට එක් නොවී - හොඳ බවෙන් ඈතටම යාවි.

Tamil Transliteration
Nayansaaraa Nanmaiyin Neekkum Payansaaraap
Panpilsol Pallaa Rakaththu.

Explanations
Holy Kural #195
ගූණවත් දනන් සැම - පලනැති බස් දෙඩුවහොත්
නිමල බව ගරු බව - බැහැරයනු ඔවුනගෙන් නියතයි.

Tamil Transliteration
Seermai Sirappotu Neengum Payanila
Neermai Yutaiyaar Solin.

Explanations
Holy Kural #196
රසෙහි රස කරමින් - හිස් බස් බණන මිනිසා
හිස් වූවකූ විනා - නියම මිනිසකූ ලෙසට නො ගැනේ.

Tamil Transliteration
Payanil Sol Paaraattu Vaanai Makanenal
Makkat Padhati Yenal.

Explanations
Holy Kural #197
සුදනන් අරිටු බස් - තෙපලොත් තෙපලුනාවේ
එහෙත් පල නැති බස් - නො කී නම් එය ඉතා මැනවි.

Tamil Transliteration
Nayanila Sollinunj Cholluka Saandror
Payanila Sollaamai Nandru.

Explanations
Holy Kural #198
අනඟි පල විමසන - නැණවත් දනෝ නො කියති
මහත් පල නොම දෙන - වදන් කිසිවිට කූමක් පිණිසත්.

Tamil Transliteration
Arumpayan Aayum Arivinaar Sollaar
Perumpayan Illaadha Sol.

Explanations
Holy Kural #199
ගූණ නැණැති නිවැරදි - මෝහය අඳුර දුරැලු
පඩුවෝ පල නොමැති - වදන් නො කියති අමතකින්වත්.

Tamil Transliteration
Poruldheerndha Pochchaandhunj Chollaar Maruldheerndha
Maasaru Kaatchi Yavar.

Explanations
Holy Kural #200
තෙපලන්න හැම විට - පල ගෙන දෙන කතාවක්
පල නොම දෙන කතා - නො දොඩාම අත් හරිනු මැනවි.

Tamil Transliteration
Solluka Sollir Payanutaiya Sollarka
Sollir Payanilaach Chol.

Explanations
🡱