තණ්හාව දුරු කිරීම

Verses

Holy Kural #361
සියලුම සතූන්ටත් - සැම කල්හිම නො කඩව
ඉපදුමට බීජය - ආසාවයැයි කියති උතූමෝ.

Tamil Transliteration
Avaaenpa Ellaa Uyirkkum Enj Gnaandrum
Thavaaap Pirappeenum Viththu.

Explanations
Holy Kural #362
ආසා ඇවැසි නම් - නො ඉපදීමට විය යුතූ
ආසා නැති බවට - කැමති වීමෙන් එය ලබත හැක.

Tamil Transliteration
Ventungaal Ventum Piravaamai Matradhu
Ventaamai Venta Varum.

Explanations
Holy Kural #363
ආසා නැති බවට - සම වන උතූම් දනයක්
මෙහි නැතූවාසේ ම - එහිත් අනිකක් නැත එයට සම.

Tamil Transliteration
Ventaamai Anna Vizhuchchelvam Eentillai
Aantum Aqdhoppadhu Il.

Explanations
Holy Kural #364
සුපිරිසිදුතාවය - ආසා නැති බවට වෙයි
සබවස පිහිටියොත් - තමන් වෙත එයි එයද නිතැතින්.

Tamil Transliteration
Thoouymai Enpadhu Avaavinmai Matradhu
Vaaaimai Venta Varum.

Explanations
Holy Kural #365
ආසාව නැත්තෝ - බව දුක් නිවාලුවෝ
සෙස්සෝ එසේ නොව - සසර උපදිත් නිරායාසෙන්.

Tamil Transliteration
Atravar Enpaar Avaaatraar Matraiyaar
Atraaka Atradhu Ilar.

Explanations
Holy Kural #366
ආසාවීම ම ය - කෙනකූ රවටා ගන්නේ
එහෙයින් බිය වීම - ඉතා යහපති එබඳු ගූණයට.

Tamil Transliteration
Anjuva Thorum Arane Oruvanai
Vanjippa Thorum Avaa.

Explanations
Holy Kural #367
සිඳුලුව මුළුමනින් - පිළිසිඳ ගැණුනු ආසා
සිතන ලද පරිදි - තවුස් බව එයි තමන් පස්සේ.

Tamil Transliteration
Avaavinai Aatra Aruppin Thavaavinai
Thaanventu Maatraan Varum.

Explanations
Holy Kural #368
හළවුනට ආසා - දුකක් නොම වේ කිසිවිට
නො නැසී වැඩෙත්මැ.යි - රුතිය නොහළොත් සිත්හි සැම දුක්.

Tamil Transliteration
Avaaillaark Killaakun Thunpam Aqdhuntel
Thavaaadhu Menmel Varum.

Explanations
Holy Kural #369
පමණ නොකළැකි සැප - නො කඩව ලැබෙයි මෙලොවදී
ආසාවැ.යි කියන - දුකෙහි මුල මුළුමනින් සින්දොත්.

Tamil Transliteration
Inpam Itaiyaraa Theentum Avaavennum
Thunpaththul Thunpang Ketin.

Explanations
Holy Kural #370
සැනසිය නොහැකි වන - දැඩි ආසාව සින්දොත්
මාහැඟි එම ගූණය - සදා නො නැසෙන සුවය ගෙන දෙයි.

Tamil Transliteration
Aaraa Iyarkai Avaaneeppin Annilaiye
Peraa Iyarkai Tharum.

Explanations
🡱