ව්‍යාජ කලකිරිමෙන් පසු ………...

Verses

Holy Kural #1321
ඔහුගෙ අත වරදක් - නැතිවත් බොරු වැරදි ගෙන
පසුවනු ඇයි ? බිරිය - ඔහුගෙ රස සුව ලබනු සඳහා.

Tamil Transliteration
Illai Thavaravarkku Aayinum Ootudhal
Valladhu Avaralikku Maaru.

Explanations
Holy Kural #1322
නො කැමති බවෙහි දී - දිසිවන තරහ සුළු දොස
රස පහස නුදුනත් - පසුව වැඩි වැඩි රසය ගෙන දේ.

Tamil Transliteration
Ootalin Thondrum Sirudhuni Nallali
Vaatinum Paatu Perum.

Explanations
Holy Kural #1323
සිත ඇත්තවුන් හට - ගොඩ දිය එක් වීම වැනි
බොරු නො කැමැත්ත සම - ඇද්ද වෙන දෙව් ලොවක් කොතැනක.

Tamil Transliteration
Pulaththalin Puththelnaatu Unto Nilaththotu
Neeriyain Thannaar Akaththu.

Explanations
Holy Kural #1324
වැළඳ ගැන්මෙන් පසු - බොරු කලකිරුම් පෙන්වා
වෙන් වීම මා සිත - කඩන අවියක් වැන්න සැඟවුනු.

Tamil Transliteration
Pulli Vitaaap Pulaviyul Thondrumen
Ullam Utaikkum Patai.

Explanations
Holy Kural #1325
වරදක් නැතත් තම - මියුලැසගෙ මුදු උරයෙන්
වෙන්වීම සැපවත් - නැවත එක් විය හැකි නිසාවේ.

Tamil Transliteration
Thavarilar Aayinum Thaamveezhvaar Mendrol
Akaralin Aangon Rutaiththu.

Explanations
Holy Kural #1326
කෑමෙන් පසු කෑම - දිරවීම සතුටක් බඳු
සසඟයෙහි බොරුවට - කලකිරීමත් සතුට ගෙන දේ.

Tamil Transliteration
Unalinum Untadhu Aralinidhu Kaamam
Punardhalin Ootal Inidhu.

Explanations
Holy Kural #1327
කලකිරිමෙහි දී - පැරදුන හිත කැමැත්තා
දිනුව අය නම් වෙති - දිසේ කම් රස විඳින කල්හි.

Tamil Transliteration
Ootalil Thotravar Vendraar Adhumannum
Kootalir Kaanap Patum.

Explanations
Holy Kural #1328
නළල දහඩිය ලා - ගෙන දුන් රසය නැවතත්
කලකිරීමෙන් පසු - කෙසේ කව දා ලබන්නෙම් දෝ.

Tamil Transliteration
Ootip Perukuvam Kollo Nudhalveyarppak
Kootalil Thondriya Uppu.

Explanations
Holy Kural #1329
ඕ කලකිරේවා ෟ - තව තව රස විඳිත හැකි
දික් වේවා යි රෑ - යදිමි යැද යැද රස විඳින්නෙමි.

Tamil Transliteration
Ootuka Manno Oliyizhai Yaamirappa
Neetuka Manno Iraa.

Explanations
Holy Kural #1330
කාමුක රසය දෙන - බොරු කලකිරුම සැපදෙයි
එයට වැඩි සැපතකි - දෙදෙන හිතැතිව කරන රමණය.

Tamil Transliteration
Ootudhal Kaamaththirku Inpam Adharkinpam
Kooti Muyangap Perin.

Explanations
🡱