ඔහුගේ ඊමට කැමති වීම
Verses
ගෙවන ලද්දා වූ - දිනයන් ගණන් කරමින්
ඇතැ,ගිලි ගෙවී යයි - දෙනෙත මැලවුනි අඳුරු පැහැවී.
Tamil Transliteration
Vaalatrup Purkendra Kannum Avarsendra
Naalotrith Theyndha Viral.
දයාබර යෙහෙළිය - අමතක කළොත් අද මා
මුදු වටොර මැලවී - පැළඳි අබරණ පවා ගිළි හේ.
Tamil Transliteration
Ilangizhaai Indru Marappinen Tholmel
Kalangazhiyum Kaarikai Neeththu.
එය ලබන දවසෙත් - එඩිතර සිතින් ගිය ඔහු
පැමිණෙනු බලා මම - තව ම ජීවත් වීම් යන්තම්.
Tamil Transliteration
Urannasaii Ullam Thunaiyaakach Chendraar
Varalnasaii Innum Ulen.
හුරු පුරුදු රස පද - විදිමින් වෙන් වුනා වූ
රසවතා එන මග - බලා පිපුනා මගේ නෙත හිත.
Tamil Transliteration
Kootiya Kaamam Pirindhaar Varavullik
Kotuko Terumen Nenju.
බලනු මැන සිත් සේ - බැලුමෙන් සුව සැන සී
මා මුදු උර තලෙහි - පැතිර ගිය සුදු මැලිය හැර යයි.
Tamil Transliteration
Kaankaman Konkanaik Kannaarak Kantapin
Neengumen Mendhol Pasappu.
සුදු මැලිය පැතිරෙන - පහවන පිණිස හැම දොස්
සැප සුව රස විදිමි - පැමිණි දවසක රසවතාණන්.
Tamil Transliteration
Varukaman Konkan Orunaal Parukuvan
Paidhalnoi Ellaam Keta.
නෙත සදිසි සැමියා - පැමිණෙයි ද? කෙ දිනක හෝ
එ දින නො කැමතිවෙමි - වැළඳ ගනිමි ද? දෙකම කරමිද ?
Tamil Transliteration
Pulappenkol Pulluven Kollo Kalappenkol
Kananna Kelir Viran.
සටනින් අපේ රජ - ජය ගනීවා ෟ පතමි
නිවසට පැමිණි සැමි - සමග එක් වී කෑම කන්නෙමි.
Tamil Transliteration
Vinaikalandhu Vendreeka Vendhan Manaikalandhu
Maalai Ayarkam Virundhu.
ගෙවන ලද දිනයක් - දින හතක් මෙන් ගතවෙයි
ඇත ගිය සැමි එන - දිනය සිතමින් සිටින්නියකට.
Tamil Transliteration
Orunaal Ezhunaalpol Sellumsen Sendraar
Varunaalvaiththu Engu Pavarkku.
ලද හැකි වුවත් කීම - ලැබුණත් වන පලය කිම ?
සසග රස වින්දත් - කිම ද? ඇති පල කැඩුණු සිතකට.
Tamil Transliteration
Perinennaam Petrakkaal Ennaam Urinennaam
Ullam Utaindhukkak Kaal.