ආගන්තූක සත්කාරය

Verses

Holy Kural : #81 #82 #83 #84 #85 #86 #87 #88 #89 #90
Holy Kural #81
දනය එක් රැස් කර - ගිහියකූ නමින් පෙනුනේ
පැමිණෙන අමුතනන් - රැක්ම පිණිසයි මහොපකාරෙන්.

Tamil Transliteration
Irundhompi Ilvaazhva Thellaam Virundhompi
Velaanmai Seydhar Poruttu.

Explanations
Holy Kural #82
නිවස පිට සිටියදී - පැමිණෙන ලද අමුත්තා
අම දහරක් වුවත් - කෑම නොයෙදේ තනිව රාසින්.

Tamil Transliteration
Virundhu Puraththadhaath Thaanuntal Saavaa
Marundheninum Ventarpaar Randru.

Explanations
Holy Kural #83
දිනපතා පැමිණෙන - අමුත්තන් රකින ඇත්තා
හමුවේ දිළිඳුකම - බැහැරයෙයි ළං නො වී කිසිවිට.

Tamil Transliteration
Varuvirundhu Vaikalum Ompuvaan Vaazhkkai
Paruvandhu Paazhpatudhal Indru.

Explanations
Holy Kural #84
අමුත්තන් රක්නා - දැක සොම්නසින් ඉපිළී
සිරිකත සතූටු වී - වෙසෙයි එ නිවස රකියි හැමදා.

Tamil Transliteration
Akanamarndhu Seyyaal Uraiyum Mukanamarndhu
Nalvirundhu Ompuvaan Il.

Explanations
Holy Kural #85
අමුත්තන් පිළිගෙන - ඉතිරි දැයකින් යැපුනේ
කූඹුරෙහි බීජයන් - වපුර ලන්නට පවා ඇවැසිද ?

Tamil Transliteration
Viththum Italventum Kollo Virundhompi
Michchil Misaivaan Pulam.

Explanations
Holy Kural #86
යන අයට උවටැන් - කර එය අය පතන්නා
අහස් වැසියනටත් - අමුත්තෙක් වේ පියංකරවු.

Tamil Transliteration
Selvirundhu Ompi Varuvirundhu Paarththiruppaan
Nalvarundhu Vaanath Thavarkku.

Explanations
Holy Kural #87
කිය නො හැකි අපමණ - සත්කාරයේ පිං පල
පැමිණෙන අමුත්තන් - අනුව සිදුවනු නො අනුමාන යි.

Tamil Transliteration
Inaiththunaith Thenpadhon Rillai Virundhin
Thunaiththunai Velvip Payan.

Explanations
Holy Kural #88
ආගන්තූකයනට - සත්කාර නො කරන්නෝ
දිරියෙන් දනය රැක - නැතිවුනා යයි සොවින් තැවෙති.

Tamil Transliteration
Parindhompip Patratrem Enpar Virundhompi
Velvi Thalaippataa Thaar.

Explanations
Holy Kural #89
ඉසුරෙහි දිළිඳුකම - සත්කාර නො කිරිමයි
ඒ නුනුවණ ගූණය - මෝඩයන් වෙත නිතර පවති.

Tamil Transliteration
Utaimaiyul Inmai Virundhompal Ompaa
Matamai Matavaarkan Untu.

Explanations
Holy Kural #90
සිඹිනවිට මැලවෙන - ,අනිච්චය, නම් මල් මෙන්
මැලවෙත් අමුත්තෝ - කූරිරු රුදු රළු බැල්ම හමුවේ.

Tamil Transliteration
Moppak Kuzhaiyum Anichcham Mukandhirindhu
Nokkak Kuzhaiyum Virundhu.

Explanations
🡱