ආදරය

Verses

Holy Kural : #71 #72 #73 #74 #75 #76 #77 #78 #79 #80
Holy Kural #71
ආදරය වසනට - කිසිම යතූරක් ඇද්දෝ
පිරුණු කඳුලැලි බිඳු - කියයි ආදරය ඇතිවුන්ගේ.

Tamil Transliteration
Anpirkum Unto Ataikkundhaazh Aarvalar
Punkaneer Poosal Tharum.

Explanations
Holy Kural #72
ආදරය නැත්තෝ - සැම දෙයම තම සතූ දේ
සිතන මුත් අදරැති - දනන් ඇටකටු පවා අන් සතූ.

Tamil Transliteration
Anpilaar Ellaam Thamakkuriyar Anputaiyaar
Enpum Uriyar Pirarkku.

Explanations
Holy Kural #73
සිරුර පණ නල දෙක - ඈදී එකට ඇත්තේ
අතීතයෙ ආදර - නමැති පුහුණුව ලද නිසාමය.

Tamil Transliteration
Anpotu Iyaindha Vazhakkenpa Aaruyirkku
Enpotu Iyaindha Thotarpu.

Explanations
Holy Kural #74
ආදරය විනිවිදච - ආසාව මතූ වේ වී
එයින් ඇති වනුයේ - සෙනෙහෙ නම් වූ උසස් ගූණයයි.

Tamil Transliteration
Anpu Eenum Aarvam Utaimai Adhueenum
Nanpu Ennum Naataach Chirappu.

Explanations
Holy Kural #75
මෙලොවදී ලබනා - උසස් සැපතට කාරණ
පෙර පුරුදු අදරින් - ලබන ලද මාහැඟි විපාකය.

Tamil Transliteration
Anputru Amarndha Vazhakkenpa Vaiyakaththu
Inputraar Eydhum Sirappu.

Explanations
Holy Kural #76
දහමටම වහලෙක - කියති නොදත්හු පේමය
අදහමින් මිදුමට - පවා පිහිටන්නෙ එම ගූණයයි.

Tamil Transliteration
Araththirke Anpusaar Penpa Ariyaar
Maraththirkum Aqdhe Thunai.

Explanations
Holy Kural #77
ඇට නැතිවුන්ගෙ ගත - අව්වෙන් වියලෙනා සේ
ආදරය පණ නැති - හනික වියලේ දහම් අව්වෙන්.

Tamil Transliteration
Enpi Ladhanai Veyilpolak Kaayume
Anpi Ladhanai Aram.

Explanations
Holy Kural #78
වියලෙන වියළි බිම - වියලුන ගසක දළු මල්
ලැමට දෙ වැනි නැත - අදර නැතියකූගෙ දිවි පැවතූම්.

Tamil Transliteration
Anpakath Thillaa Uyirvaazhkkai Vanpaarkan
Vatral Marandhalirth Thatru.

Explanations
Holy Kural #79
බාහිර අංග සැම - යස රඟට තිබුනත් කිම ?
ඇතූළත අංග වන - ආදරය සිත නැතියවන්හට.

Tamil Transliteration
Puraththurup Pellaam Evanseyyum Yaakkai
Akaththuruppu Anpi Lavarkku.

Explanations
Holy Kural #80
ආදරය සිරුරට - ජීවය ලෙසින් හෙබුනා
නොමැති ආදර සිත - සිරුර ඇට ගොඩකි සම පෙරවූ.

Tamil Transliteration
Anpin Vazhiyadhu Uyirnilai Aqdhilaarkku
Enpudhol Porththa Utampu.

Explanations
🡱