අවිහිංසාව
Verses
යස - ඉසුරු ලදුවත් - අනුනට ගැහැට හිංසා
නො කිරිමේ ගූණය - නිදොස් අයගේ උතූම් ගතිය යි.
Tamil Transliteration
 Sirappeenum Selvam  Perinum  Pirarkku  Innaa
Seyyaamai  Maasatraar  Kol.
හිංසා කළවුනට - පවා එකටෙක හිංසා
නොකරන සුගූණ ගති - සදාකල් නිදොසුන්ගෙ ගතිවෙ යි.
Tamil Transliteration
 Karuththuinnaa Seydhavak  Kannum  Maruththinnaa
Seyyaamai  Maasatraar  Kol.
කිසි කරුණක් නැතිව - හිංසා කරනවුන්හට
නො ගැලවිය හැකි දුක් - ලැබෙයි ඒ හිංසා කිරිමෙන්.
Tamil Transliteration
 Seyyaamal Setraarkkum  Innaadha  Seydhapin
Uyyaa  Vizhuman  Tharum.
හිංසා කළවුනට - දියයුතූ හොඳම දඩුවම
ලජ්ජා වන ලෙසට - වඩ වඩා හොඳ දෙය කිරිමයි.
Tamil Transliteration
 Innaasey Thaarai  Oruththal  Avarnaana
Nannayanj  Cheydhu  Vital.
අනුන් දුක තම දුක - ලෙස නො සලකන කල්හි
ලබන ලද දැනුමෙන් - කූමන පලයක් ලොවට වේවි ද ?
Tamil Transliteration
 Arivinaan Aakuva  Thunto  Piridhinnoi
Thannoipol  Potraak  Katai.
හිංසාවැ යි කියා - තමා දත් දේ හැමවිට
අන්කෙනෙකූට ලොවේ - නො කළ යුතූමය තමා දැන දැන.
Tamil Transliteration
 Innaa Enaththaan  Unarndhavai  Thunnaamai
Ventum  Pirankan  Seyal.
ෆකිසිලෙසක කිසිවිට - කිසිවකූට වුව හිංසා
සිතින්වත් නො සිතූම - ඉතා උත්තම දහම වේ මැ යි.
Tamil Transliteration
 Enaiththaanum Egngnaandrum  Yaarkkum  Manaththaanaam
Maanaasey  Yaamai  Thalai.
හිංසාවෙන් ලැබෙන - දුක සහ වේදනාවන්
හඳුනන තැනැත්තේ - ඇයි ද ? සව්ලෙව් සතට හිංසා.
Tamil Transliteration
 Thannuyirkaku Ennaamai  Thaanarivaan  Enkolo
Mannuyirkku  Innaa  Seyal.
පෙරවරුයෙහි තමා - අනුනට කළොත් හිංසා
තෙමේ ලුහු බැඳගෙන - ඒවි පස්වරුවෙහි තමන් වෙත.
Tamil Transliteration
 Pirarkkinnaa Murpakal  Seyyin  Thamakku  Innaa
Pirpakal  Thaame  Varum.
දෙවුන වද හිංසා - පෙරළා ගෙනෙත් බිය දුක්
නො කැමති දුක් විඳුම් - සුදන හිංසා සිතින් දුරලති.
Tamil Transliteration
 Noyellaam Noiseydhaar  Melavaam  Noiseyyaar
Noyinmai  Ventu  Pavar.