හිඟමන

Verses

Holy Kural #1051
සුදුස්සන් දුටු තැන - සිගමන් යැදිය යුතු වේ
සැඟවීම ඔවුනට - විනා තමහට නිගා නො ම වේ.

Tamil Transliteration
Irakka Iraththakkaark Kaanin Karappin
Avarpazhi Thampazhi Andru.

Explanations
Holy Kural #1052
දුක නැතිව ඉල්ලූ - දැය ලැබේ නම් සිඟමන
ඉල්ලන යදි දනට - මෙලොව ඒ හැර සැපක් නැත වෙන.

Tamil Transliteration
Inpam Oruvarku Iraththal Irandhavai
Thunpam Uraaa Varin.

Explanations
Holy Kural #1053
නො සඟවන ගුණයත් - දීමෙහි ඇති යුතුකමත්
දත්තවුන් අබියස - සිඟීමත් ලස්සණය ගෙණ දෙයි.

Tamil Transliteration
Karappilaa Nenjin Katanarivaar Munnindru
Irappumo Reer Utaiththu.

Explanations
Holy Kural #1054
සිහිනෙන් පමණවත් - සඟවාලීම හුරු නැති
සුදනන්ගෙන් සිඟා - යැදුම දීමක් හා සමානයි.

Tamil Transliteration
Iraththalum Eedhale Polum Karaththal
Kanavilum Thetraadhaar Maattu.

Explanations
Holy Kural #1055
නො සඟවන සත් දන - ලොව ඇති නිසා විය යුතු
ගෙ දොරට සිඟා ගොස් - නො ඉල්ලා බලා ගෙන සිටුනේ.

Tamil Transliteration
Karappilaar Vaiyakaththu Unmaiyaal Kannindru
Irappavar Merkol Vadhu.

Explanations
Holy Kural #1056
ගති ඇති නො සඟවන - සුදනන් දුටුව කෙණෙහී
සිඟන දන සිත දුක් - මුළුමණින් එකවරම නැති වේ.

Tamil Transliteration
Karappitumpai Yillaaraik Kaanin Nirappitumpai
Ellaam Orungu Ketum.

Explanations
Holy Kural #1057
නින්දා අපහාස - නො කරම දුටුව දෙන දන
සිඟන දුක නැති වී - සොම්නසින් හද ඉපිල යාවි.

Tamil Transliteration
Ikazhndhellaadhu Eevaaraik Kaanin Makizhndhullam
Ullul Uvappadhu Utaiththu.

Explanations
Holy Kural #1058
නො මැති සඳ ලෙව්හී - යදි දන සිඟා වඩනා
ලො වැසි හැම දෙනා - තැනුව රූකඩ පරිදි හැසිරෙත්.

Tamil Transliteration
Irappaarai Illaayin Eernganmaa Gnaalam
Marappaavai Sendruvan Thatru.

Explanations
Holy Kural #1059
දන් දීමට කැමති - දන් දෙන ඇත්තවුන්හට
සිඟන දන නැති නම් - කෙසේ යස ඉසුරු ඇති වේවි ද?

Tamil Transliteration
Eevaarkan Ennuntaam Thotram Irandhukol
Mevaar Ilaaak Katai.

Explanations
Holy Kural #1060
යදි දන කිසි විටෙක - කෝපය නො ගත යුතු වෙයි
තම දිළිඳුතාවය - සැබෑ නිදසුනි එබඳු ගුණයට.

Tamil Transliteration
Irappaan Vekulaamai Ventum Nirappitumpai
Thaaneyum Saalum Kari.

Explanations
🡱