සබවස
Verses
යම්කිසි විදියකින් - කිසිකල කිසිම කෙනෙකූට
නරක පල නොම දෙන - සැබැ කියමන සැබව නම් වේ.
Tamil Transliteration
Vaaimai Enappatuvadhu Yaadhenin Yaadhondrum
Theemai Ilaadha Solal.
වරදක් නොවන ලෙස - හොඳ පල විපා දේ නම්
එම පල ලබනු වස් - කියන බොරුවත් සැබව සමවේ.
Tamil Transliteration
Poimaiyum Vaaimai Yitaththa Puraidheerndha
Nanmai Payakkum Enin.
තමා සිත දත් දේ - කිසිවිට නොකරන්න බොරු
කළහොත් එතැන් සිට - තමා තම සිත දවයි නිතරම.
Tamil Transliteration
Thannenj Charivadhu Poiyarka Poiththapin
Thannenje Thannaich Chutum.
කෙනෙකූ තම සිත දත් - බොරු නැතිව හැසිරේ නම්
එබඳු ගූණවතූනට - සෑම සාදුහු ගරු කෙරෙත් මැ යි.
Tamil Transliteration
Ullaththaar Poiyaa Thozhukin Ulakaththaar
Ullaththu Lellaam Ulan.
තම සිතට එකඟව - නිති සබවස කියා නම්
එය තපසත් දනන් - දෙකම රැකූමට වඩා උතූමැ යි.
Tamil Transliteration
Manaththotu Vaaimai Mozhiyin Thavaththotu
Thaananjey Vaarin Thalai.
බොරු නොකිමට සම - මහත් යසසෙක් වෙන නැත
එම උතූම් ගූණයම - දැහැමි බව දෙයි සෑම විටකම.
Tamil Transliteration
Poiyaamai Anna Pukazhillai Eyyaamai
Ellaa Aramun Tharum.
ෆබොරු නොකියන ගූණය - සැබෑකර හැසුරුණි නම්
වෙන අනික් දහමෙක් - නොකර සිටියත් නොවේ නරකක්.
Tamil Transliteration
Poiyaamai Poiyaamai Aatrin Arampira
Seyyaamai Seyyaamai Nandru.
සිරුරෙහි නිමල බව - සිලිලෙන් ගෙනේ නියදම
සිත තූළ නිමල බව - සැබෑ වදනින් දිසේ හැමවිට.
Tamil Transliteration
Puraldhooimai Neeraan Amaiyum Akandhooimai
Vaaimaiyaal Kaanap Patum.
සැම දහමකින් එන - එළිය එළියක් නොම වේ
සාදුනට එළිය - බොරු නොකිමෙන් එන එළිය වේ.
Tamil Transliteration
Ellaa Vilakkum Vilakkalla Saandrorkkup
Poiyaa Vilakke Vilakku.
අප සැබෑ ලෙස දුටු - දේවල් අතර බැලුවොත්
සැබවට වඩා හොඳ - යමක් ලෝ තූළ නොවේ සැමවිට.
Tamil Transliteration
Yaameyyaak Kantavatrul Illai Enaiththondrum
Vaaimaiyin Nalla Pira.