ගොවිතැන

Verses

Holy Kural #1031
කවර රැකියක් කල - ලොව නගුල පසු පස යෙයි
එබැවින් වෙහෙසුන ද - ලෙව්හි ගොවිතැන උතූම් රැකියයි.

Tamil Transliteration
Suzhandrumerp Pinnadhu Ulakam Adhanaal
Uzhandhum Uzhave Thalai.

Explanations
Holy Kural #1032
ලොව නැමති සකෙහි - කඩ ඇණය වෙති ගොවියෝ
ගොවිතැන නො කළ දන - සා දුකින් අත පාන්නෝ වෙති.

Tamil Transliteration
Uzhuvaar Ulakaththaarkku Aaniaq Thaatraadhu
Ezhuvaarai Ellaam Poruththu.

Explanations
Holy Kural #1033
ගොවිතැනින් ජීවිත - ගෙවන අය ජීවත් වෙත්
හැම දන ම අනිකූත් - අනුන් පසු පස යදින්නෝ වෙති.

Tamil Transliteration
Uzhudhuntu Vaazhvaare Vaazhvaarmar Rellaam
Thozhudhuntu Pinsel Pavar.

Explanations
Holy Kural #1034
ගොවිතැන සරු සාර - තම නිරිඳු සේසත යට
වෙනත් රජ දරුවන් - ඇවිත් සිටි සැටි දකිති ගොවියෝ.

Tamil Transliteration
Palakutai Neezhalum Thangutaikkeezhk Kaanpar
Alakutai Neezha Lavar.

Explanations
Holy Kural #1035
සී සා කන සොබා - ඇත්තෝ කෑම නො යදිති
ඉල්ලන දනන් හට - නො සඟවා දෙති යමක් ඇත්නම්.

Tamil Transliteration
Iravaar Irappaarkkondru Eevar Karavaadhu
Kaiseydhoon Maalai Yavar.

Explanations
Holy Kural #1036
අලස වුව ගොවි යෝ - සිත දුරුකරන ආසා
තවුසනට තැන නැත - සු පේශල සිල් පවා නො රැකේ.

Tamil Transliteration
Uzhavinaar Kaimmatangin Illai Vizhaivadhooum
Vittemen Paarkkum Nilai.

Explanations
Holy Kural #1037
සී සා සියුම් පස - හොඳහැටි වියල වී නම්
මිට කූදු පොහොර නැති - නමුත් හොඳ අස්වැන්න ගෙනදේ.

Tamil Transliteration
Thotippuzhudhi Kaqsaa Unakkin Pitiththeruvum
Ventaadhu Saalap Patum.

Explanations
Holy Kural #1038
සී සෑමට වඩා - යෙදුමත් පොහොර හොඳ වෙයි
වල් නෙලුමෙන් දෙවනු - වතූර බැඳ රැකූමයි ඉතා හොඳ.

Tamil Transliteration
Erinum Nandraal Eruvitudhal Kattapin
Neerinum Nandradhan Kaappu.

Explanations
Holy Kural #1039
අයිතිකරු ගොවියා - ගොවි පලට නො ගියේ නම්
කිපුණු බිරියක් මෙන් - නො සතූටෙන් අස්වනු අඩුව දේ.

Tamil Transliteration
Sellaan Kizhavan Iruppin Nilampulandhu
Illaalin Ooti Vitum.

Explanations
Holy Kural #1040
නැතැයි යන අලස වූ - යදි දන දුටුව මිහි කත
සිනාසෙයි ඔහු හට - සදා අත පාන බව දක්නා.

Tamil Transliteration
Ilamendru Asaii Iruppaaraik Kaanin
Nilamennum Nallaal Nakum.

Explanations
🡱