කට කතා

Verses

Holy Kural #1141
වාසනා මහිමය - නිසා වැඩි දෙන නො දනිති
කසු කුසු නිසාමයි - දිවිය අපගේ මෙතෙක් රැකුණේ.

Tamil Transliteration
Alarezha Aaruyir Na?rkum Adhanaip
Palarariyaar Paakkiyath Thaal.

Explanations
Holy Kural #1142
මේ ගම්මු කිසිවිට - නිලුපුල් නෙතැති ඇය ගේ
අගය නො ම දන්නෙන් - කියති කසු කුසු ගගා සැම විට.

Tamil Transliteration
Malaranna Kannaal Arumai Ariyaadhu
Alaremakku Eendhadhiv Voor.

Explanations
Holy Kural #1143
ගම්මු දැන ගත් ඒ - කසු කුසුව ඇති වීමත්
නො ලත් දැය ලැබුමට - මහෙකි එනිසා එයත් යහපති.

Tamil Transliteration
Uraaadho Oorarindha Kelavai Adhanaip
Peraaadhu Petranna Neerththu.

Explanations
Holy Kural #1144
කසු කුසු නිසාම ය - කාම වේගය වැඩුනේ
එය නොමැති කල්හි - එ ගති නැති වී කෙමෙන් අඩුවෙයි.

Tamil Transliteration
Kavvaiyaal Kavvidhu Kaamam Adhuvindrel
Thavvennum Thanmai Izhandhu.

Explanations
Holy Kural #1145
මතක් වන මොහොතක් - පාසා සුරාවක් මෙන්
කාමයත් මිහිරිය - නැගී පිටවන වරක් පාසා.

Tamil Transliteration
Kaliththorum Kalluntal Vettatraal Kaamam
Velippatun Thorum Inidhu.

Explanations
Holy Kural #1146
දුටිමි මම දවසක් - සඳ රාහු ගැනුමක් මෙන්
එහෙත් මේ ගම්මු - කියති කසු කුසු එයයි පුදුමේ.

Tamil Transliteration
Kantadhu Mannum Orunaal Alarmannum
Thingalaip Paampukon Tatru.

Explanations
Holy Kural #1147
පොහොර කට කතා - මව ඔවා බස ජලය යි
සුවසේ වැඩෙන මේ - කාම වේගය නමැති පැලයට.

Tamil Transliteration
Ooravar Kelavai Eruvaaka Annaisol
Neeraaka Neelumin Noi.

Explanations
Holy Kural #1148
කසු කුසු කියා ලා - කාමය නිවන්නට යනු
ගිතෙලින් ගින්දරක් - නිවීමට තැත් කිරීමක් මෙනි.

Tamil Transliteration
Neyyaal Erinudhuppem Endratraal Kelavaiyaal
Kaamam Nudhuppem Enal.

Explanations
Holy Kural #1149
කට කතා පැතිරෙන - කල බය නැතැයි කියමින්
ලැජ්ජාව ගෙන දී - නොයෙන් අත්හැර ගමින් බැහැරව.

Tamil Transliteration
Alarnaana Olvadho Anjalompu Endraar
Palarnaana Neeththak Katai.

Explanations
Holy Kural #1150
මා නිතරම කැමති - කට කතා දෙති මේ ගම
එබැවින් මේ දනෝ - මෙ මා පාවා දෙවති ඔහු හට.

Tamil Transliteration
Thaamventin Nalkuvar Kaadhalar Yaamventum
Kelavai Etukkumiv Voor.

Explanations
🡱