අලස නො වීම

Verses

Holy Kural #601
අලස යැ යි අඳුරෙන් - පවුලැ යි පහන දැල්වෙන
වැසි ගොස් කෙළවර - නිවී ගනඳුරු බවට පත් වේ.

Tamil Transliteration
601 Kutiyennum Kundraa Vilakkam Matiyennum
Maasoora Maaindhu Ketum.

Explanations
Holy Kural #602
පවුලේ දියුණුවට - හි තැ.තිව වෙසෙන ඇත්තන්
අලස බව හමු වේ - අලස වි හැසිරිම සෑහේ.

Tamil Transliteration
Matiyai Matiyaa Ozhukal Kutiyaik
Kutiyaaka Ventu Pavar.

Explanations
Holy Kural #603
මැඩියයුතූ මැලි බව - ඇති අඳ බාලයාගේ
බිහිය දුන් පවුලත් - ඔහුට මත්තෙන් කෙමෙන් වැනසේ.

Tamil Transliteration
Matimatik Kontozhukum Pedhai Pirandha
Kutimatiyum Thanninum Mundhu.

Explanations
Holy Kural #604
උසස් දිරියක් නැති - ඇලි මැලි දුබල ඇත්තත්
වරදෙහි බැඳීමෙන් - පවුල් වැනසේ නිරායාසෙන්.

Tamil Transliteration
Kutimatindhu Kutram Perukum Matimatindhu
Maanta Ugnatri Lavarkku.

Explanations
Holy Kural #605
පමාවත් නින්දත් - අමතක ගතිය මැලි බව
මෙ සිව් ගති ඔරුවයි - වනස පත් වන්නන් පදිනු රිසි.

Tamil Transliteration
Netuneer Maravi Matidhuyil Naankum
Ketuneeraar Kaamak Kalan.

Explanations
Holy Kural #606
රජුනට මෙන් ඉසුරු - සම්පත් ඇතත් අ පමණ
නිතැතින් අලස වූ - අයට සුබ පල ලැබුම අපහසු.

Tamil Transliteration
Patiyutaiyaar Patramaindhak Kannum Matiyutaiyaar
Maanpayan Eydhal Aridhu.

Explanations
Holy Kural #607
මැලි බවට කැමතිව - හැසිරෙනු මිසක් දිරියෙන්
වැඩ නො කරන අයට - ලැබේ තරවටු නිගා නින්දා.

Tamil Transliteration
Itipurindhu Ellunj Chol Ketpar Matipurindhu
Maanta Ugnatri Lavar.

Explanations
Holy Kural #608
රටක පාලනයෙහි - පිළිසිඳුනි නම් මැලි බව
සතූරන් ගේ වහල් - බවට පත්වේ කෙමෙන් ඒ රට.

Tamil Transliteration
Matimai Kutimaikkan Thangindhan Onnaarkku
Atimai Pukuththi Vitum.

Explanations
Holy Kural #609
පෙර දැරි අලස බව - අනලස බවට හරවා
කළොත් රට පාලන - එයින් එන දොස් මුලින් වැනසෙයි.

Tamil Transliteration
Kutiyaanmai Yulvandha Kutram Oruvan
Matiyaanmai Maatrak Ketum.

Explanations
Holy Kural #610
දිරිය මෙන් ගූණයත් - දැනුමත් වඩා ලන ලද
අලස බව නැති රජ - වේවි මුළු මනු ලොවට නායක.

Tamil Transliteration
Matiyilaa Mannavan Eydhum Atiyalandhaan
Thaaaya Thellaam Orungu.

Explanations
🡱